





ජපානයේ පළමුවැනි ථේරවාද පන්සල .

1989 වසරේ චිබා ප්‍රාන්තයේ සවරා හි ආරම්භ කරන ලදී.

ජපානයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ අධ්‍යාත්මික නිවහන

ලංකාජි පන්සල ගැන
"ලංකජී" ජපානයේ පළමුවෙන් ආරම්භ කළ ථේරවාද විහාරස්ථානයයි. අතිපූජ්‍ය බානගල උපතිස්ස නායක හිමිපාණන් වහන්සේ ස්වොත්සහයෙන් 1989 වර්ෂයේ චිබා ප්‍රාන්තයේ සවරා හි එම විහාරස්ථානය ආරම්භ කළහ. එතැන් පටන් වර්තමානය දක්වා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඍජු සබදතාවයන්ගෙන් යුතු ව ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයේ ප්‍රධාන ලාංකික මධ්‍යස්ථානය වශයෙන් ක්‍රියාකරයි. මහාබෝධි සංගමයේ ශාසනික සංස්කෘතික සමාජ කාර්භාරය මූලික කරගනිමින් ලාංකිකයන් හට අධ්‍යාත්මික නිවහනක් සේම සංනිවේදන කාර්‍යයෙහිලා ප්‍රමුඛව ලංකාව හා ජපානය යා කරන පාලම බවට පත්ව ඇත. අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමිපාණන් වහන්සේ මුල්ම පන්සල තෝකියෝහි කුලී පදන මත ලබාගත් නිවසක ආරම්භ කළද නොපසුබස්නා උත්සහය සහ කැපකිරීම් නිසාවෙන් වැඩිකලක් යන්නට මත්තෙන් ස්ථිර භූමියක ස්ථාපිත කරන්නට සමත්වුහ.එය වර්තමානයේ චිබා ප්‍රාන්තයේ මනරම් භූමියක නිමැවුණු සවරා ලංකජී විහාරයයි. සම්ප්‍රදායික විහාරස්ථානයකින් සිදුකරන ආගමික කාර්‍යයන් මත පමණක් නොනැවතී සුවිසල් සමාජ මෙහෙවරක නිරතවෙමින් ශ්‍රී ලංකාවට පළමුවැනි ළදරු අධ්‍යාපනය හදුන්වා දීම සහ අධ්‍යාපන තක්සලා පිහිටවීම ,උදාගම්මාන ව්‍යාපෘතිය ජපන් ජාතිකයින්ට ලාංකේය සංස්කෘතිය සමීපකිරීම ආදී කාර්‍යයන්හි අතීතයේ මෙන්ම වර්තමානයේදීත් නොපසුබට සක්‍රීය ස්ථානයකි.
හාමුදුරුවන් ගැන. බානගල උපතිස්ස නායක හිමි
ගම-රට හදා ලොව ජයගත් බානගල උපතිස්ස නාහිමි
ලංකාද්වීපයේ ඉතිහාසය වෙනස් කරන්නට වරම් ලැබූ දූ පුතුන් උපන් රුහුණේ මොරවක කෝරළයේ බානගල නම් වූ සොබාව සුන්දරත්වයෙන් අනූන ගම්පියස තම ජන්මභූමිය කර වර්ෂ 1950 ජනවාරි 5 වැනිදා උපන් ඒ පින්වත් කුමරු අන් කිසිවෙකු නොව අද දේශ දේශාන්තරයෙන් පිදුම් ලබන ජපානයේ පළමුවැනි ථේරවාද පන්සලේ නිර්මාතෘ , ජපානයේ ප්‍රධාන සංඝනායක , ශාස්ත්‍රපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමිපාණන් වහන්සේමය.බානගල ජේ.එල්. ඩී.එම් ජයසේන ලේඛම් මහත්මයා හා ඒ.ටී.ඒ ලියනගේ මහත්මිය තම දෙමව්පියන් ය. .
උන්වහන්සේ ඉන්දියා සාංචි විහාරයේ හා කොළඹ අග්‍රශ්‍රාවක මහා විහාරයන්හි අධිපති භාරත දේශයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස මහනායක හිමිපාණන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යවරයාණන් වහන්සේ ය.
