ලංකා ජි පන්සල ගැන

"ලංකජී" ජපානයේ පළමුවෙන් ආරම්භ කළ ථේරවාද විහාරස්ථානයයි.

අතිපූජ්‍ය බානගල උපතිස්ස නායක හිමිපාණන් වහන්සේ ස්වොත්සහයෙන් 1989 වර්ෂයේ චිබා ප්‍රාන්තයේ සවරා හි එම විහාරස්ථානය ආරම්භ කළහ. එතැන් පටන් වර්තමානය දක්වා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඍජු සබදතාවයන්ගෙන් යුතු ව ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයේ ප්‍රධාන ලාංකික මධ්‍යස්ථානය වශයෙන් ක්‍රියාකරයි. මහාබෝධි සංගමයේ ශාසනික සංස්කෘතික සමාජ කාර්භාරය මූලික කරගනිමින් ලාංකිකයන් හට අධ්‍යාත්මික නිවහනක් සේම සංනිවේදන කාර්‍යයෙහිලා ප්‍රමුඛව ලංකාව හා ජපානය යා කරන පාලම බවට පත්ව ඇත. අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමිපාණන් වහන්සේ මුල්ම පන්සල තෝකියෝහි කුලී පදන මත ලබාගත් නිවසක ආරම්භ කළද නොපසුබස්නා උත්සහය සහ කැපකිරීම් නිසාවෙන් වැඩිකලක් යන්නට මත්තෙන් ස්ථිර භූමියක ස්ථාපිත කරන්නට සමත්වුහ.එය වර්තමානයේ චිබා ප්‍රාන්තයේ මනරම් භූමියක නිමැවුණු සවරා ලංකජී විහාරයයි. සම්ප්‍රදායික විහාරස්ථානයකින් සිදුකරන ආගමික කාර්‍යයන් මත පමණක් නොනැවතී සුවිසල් සමාජ මෙහෙවරක නිරතවෙමින් ශ්‍රී ලංකාවට පළමුවැනි ළදරු අධ්‍යාපනය හදුන්වා දීම සහ අධ්‍යාපන තක්සලා පිහිටවීම ,උදාගම්මාන ව්‍යාපෘතිය ජපන් ජාතිකයින්ට ලාංකේය සංස්කෘතිය සමීපකිරීම ආදී කාර්‍යයන්හි අතීතයේ මෙන්ම වර්තමානයේදීත් නොපසුබට සක්‍රීය ස්ථානයකි. .

බෝධි වෘක්ෂය නමින් විහාරය නම් කර ඇත

ලංකාජිගේ මව් විහාරය ද වන ශ්‍රී ලංකාවේ විහාරස්ථානයේ නම මහා බෝධිය වන අතර එය බෝධි වෘක්ෂයෙන් ව්‍යුත්පන්න වී ඇත.
බෝධි යනු බුද්ධත්වයයි. එය මල්බෙරි පවුලට අයත් සදාහරිත ගසක් වන අතර, එය යටතේ බුදුන් බුද්ධත්වයට පත් වූ බව කියනු ලැබේ, එම ගස බෝධි ගස (ජපන් භාෂාවෙන් බෝධි ගස) ලෙස හැඳින්වේ.
බුද්ධත්වයට පත් වූ බුදුරදුන් දින හතක් බෝධීන් වහන්සේ කෙරෙහි කෘතවේදීත්වය හා ගෞරවය ප්‍රකාශ කරමින් දෑස් නොසෙල්වී බෝධීන් වහන්සේ දෙස බලා සිටි බව සඳහන් වේ.
බුදුන් පිරිනිවීමෙන් පසු බෝධිය බුදුන් වහන්සේගේ බුද්ධත්වයේ සංකේතයක් ලෙස විශේෂ වන්දනා වස්තුවක් බවට පත් විය.

ලංකජී සෑ රදුන්

2017 වසරේ අගෝස්තු මස 02 වන දින මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනාව මධ්‍යයේ විහාරධිපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නායක හිමිපාණන් වහන්සේ සහ එවක ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්‍ය ගංගනාත් දිසානායක මැතිතුමා එමෙන්ම ප්‍රධාන දායකත්වය ලබාදුන් ව්‍යාපාරික ජගත් රාමනායක මැතිතුමන් මංගලශිලා ප්‍රතිෂ්ඨාපනය සිදුකළේය. 2018 වසරේ අගෝස්තු 19 වන දින ගර්භනිධානය සදහා ධාතූන් වහන්සේලා වැඩම කළ අතර එදින රාමා DBK සමාගමේ සභාපති ජගත් රාමනායක මැතිතුමන් ගර්භ නිධානෝත්සවය සිදුකළේය. වර්තමානයේ කෙත්වතු අතරින් ශෝභමානව දිස්වන්නේ එම මනරම් සෑරදුන් ය. .